මේ වන විට රට තුළ පවතින අයහපත් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයම මොහොතක් බවට දැන් තත්ත්වය පත්ව තිබේ.
එහෙයින් ඔබගේ යතුරුපැදිය, මෝටර් රථය හෝ වෙනත් වාහන පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම හා පාර්සල් පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
මේ වන විට ආරක්ෂක අංශ දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර එම මෙහෙයුම්වලට පුරවැසියෙකු ලෙස ඔබගේ සහාය දැක්වීම අත්‍යවශ්‍ය වෙයි.
එසේම හැකි තරම් ආරක්ෂක ස්ථානවල වී විශේෂයෙන්ම තමන්ගේ නිවෙස් තුළට වී කාලය ගත කිරීම ආරක්ෂක අංශ මෙහෙයුම්වලට ඔබට ලබාදිය හැකි උපරිම සහයෝගයයි.