සමයං ඝාතනයේ සැකකරුවකු වන පාතාල නායක කලූපේ රොෂාන් නමැත්තා විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු ජාවාරමකට අදාළව අද (28දා) පස්වරුවේදි හික්කඩුව තොටගමුව ප්රදේශයේදි මත් කුඩු ග්රැම් 6ක් , රුපියල් 460000ක මුදල් තොගයක් සමග ඔහුගේ නැගණිය හා නැන්දනිය සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මිටියාගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන මහතාට ලැබුණ තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර ඇත. සැකකාරියන් හෙට (29දා) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත