බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබූ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල ජන්ද විමසීම උණුසුම් තත්වයක් මතුවිමත් සමග එය කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්රගිත් දනන්සුරිය මහතා පවසයි.
කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය ජන්ද විමසිම 10 දින කල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දි සංවිධානය කර තිබුණි.
අදාල ජන්ද විමසීම පසුගිය දින පැවැත්විමට සුදානම් කර තිබුණද එදිනද මතුවු විරෝධතා හේතුවෙන් ජන්ද විමසිම පැවැත්විම නවතා තිබුණි.
අදාල ජන්ද විමසීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විහාරස්ථාන හතක විහාරාධිපති හිමිවරුන් හත් දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පේරුම මහතා ජන්ද විමසීම පැවැත්වීමට සුදානම් වන අවස්ථාවේ ඒ සදහා කොමසාරිස් ජනරාල්වරයා පක්ෂපාති ලෙස එක් පාර්ශවයක් වෙත සහාය දැක්වීම සිදුවන බවට චෝදනා එල්ල කරමින් කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමියන් චෝදනා නගන්නට විය.
ඒ සමගම පසුගිය වසරේ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල ලේඛකාධිකාරි ලෙස කටයුතු කළ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ද විරෝධතා මතු කරන්නට විය. ඉන් පසුව පාර්ශව දෙක අතර උණුසුම් තත්වයක් මතුවිම සිදුවිණි.