කවුරුන් කුමන විවේචන එල්ල කළත් පසුගිය ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුවෙන් නිදහස ලබාදී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (06) මාතලේ ගාන්ධි සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
මාතලේ සමාජ සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායක වූ මාධ්‍යවේදීන් 10 දෙනෙක් අගයා මාධ්‍යාභිමානී සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදි විශිෂ්ට හරසර සම්මාන 10කුත් කුසලතා සම්මාන 09ක් පිරිනැමිණ. මෙහිදී මහජන සේවා ප්‍රසස්ථ ඇගයුම් හා ගවේශනාත්මක මාධ්‍ය භාවිතය අගයනුවස් ප්රමුකාභිමානි ජනසන්ජණනි හරසර සම්මානය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා වෙත ලබාදීම රුවන් විජේවර්ධන මහතා අතින් සිදුකෙරිණි .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා,
‘‘බලපෑමකින් තොරව ජනමාධ්‍ය පවත්වාගෙන යෑම සඳහා අපි රජයක් ලෙස කටයුතු කරනවා. කවුරු මොන විවේචන කළත් කලින් තිබුණ ආණ්ඩුවට වඩා නිදහස ලබා දී තිබෙනවා. පසුගිය රජය සමයේ සිදුවූ පැහැරගෙන යාම්, පහරදීම්, සුදුවෑවන්, මාධ්‍ය ආයතනවලට පහරදීම් පසුගිය සිව් වසර තුළ සිදුවුණේ නෑ. අපි රජයක් ලෙස ඒ ගැන සතුටු වෙනවා.
රටේ ප්‍රදේශීය මාධ්‍යවේදීන් විදින කරදර මම හොදට දන්නවා.ඒ පිරිස තමයි ගොඩක් වැඩ කරන්නෙත් බැනුම් අහන්නෙත්"
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම සම්මාන සඳහා පුර්ණ දායකත්වය ලබාදීම හේතුවෙන් සහ සමාජ සේවාවන් ඇගයීමට ලක්කරමින් රංගිරි දඹුලු රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැව රාහුල නාහිමියෝවෙත රාජ්‍ය ඇමතිවරයා අතින් සමරු තිළිණයක්ද පිරිනැමිණි.
.