කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්රෑම් 323ක් ඉකුත් සෙනසුරාදා (29) දින ජයපුරම්, වෙරාවිල් ප්රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිබී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව නිවේදනය කරයි.
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ භටපිරිස් වෙතින් ලැබුණු හමුදාමය බුද්ධි තොරතුරු මත 2 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ‘බී’ කණ්ඩායමේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරි සමඟ එක්ව මෙම සැක සහිත ලොරි රථය පරික්ෂා කරනු ලැබූ අතර එහිදී, සූක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ ගංජා පාර්සල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අදාළ ගංජා තොගය සහ ලොරි රථය මෙන්ම එය පදවන ලද සැකකාර රියදුරා ද අත්අඩංගුවට ගෙන එම ප්රදේශයට ආසන්නයේම පිහිටි ඉරණමඩු විශේෂ බළකාය වෙත භාරදෙන ලදී. ඉන් අනතුරුව වැඩිදුර පරික්ෂණ සහ ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය.