කිලිනොච්චිය කොකාවිල් බහුසම්ප්රේෂණ කුලුණ පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
එමෙන්ම කොකාවිල් බහුසම්ප්රේෂණ කුලුණ පිහිටි භූමියේ ආරක්ෂාවේ යෙදී සිටින යුද හුමුදා සෙබලුන්ට පුහුණු පාඨමාලාවන් ලබාදීමටද පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පසුගියදා කොකාවිල් බහුසම්ප්රේෂණ කුලුණ පිහිටි භූමියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.
මේ අනුව 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ අධීක්ෂණය පරිදි 9 වන ශ්රීලංකා සංඥා බලකායේ සෙබලුන් විසින් ආරක්ෂාවේ නිරත වන අතර ඔවුන් වෙනුවෙන් විශේෂ වූ ආරක්ෂිත පුහුණු පාඨමාලාවක් ලබා දීමට පියවර ගෙන ඇත.