කළුතර, දොඩම්ගොඩ, පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බවට ඊයේ (09දා) දින වන විට දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.
එමෙන්ම මතුගම කොට්ඨාස පොලිස් විශේෂ වංචා විමර්ශන ඒකකයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවද ඒ මහතා මහතා සඳහන් කළේය.
සැකකරු මෙරටින් පලා ගොස් ඇති බවට ලද තොරතුරු මත එහි තැන්පත්කරුවන් කලබල වී වසා තිබූ ආයතනය වටලා එම පරිශ්‍ර‘යේ තිබූ රථවාහන ඇතුළු භාණ්ඩ රැසක් රැගෙන ගොස් තිබිණි.
වැඩි පොළී අනුපාත බලාපොරොත්තුවෙන් මුදල් තැන්පත් කළ පුද්ගලයන් අතර ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිඥයන්, මාධ්‍ය‘වේදීන් ඇතුළු විශාල පිරිසක් වූහ.
කළුතර ප්‍ර‘දේශයේ ඇතැම් පෞද්ගලික බැංකු ප්‍රධානීන්ද මෙහි මුදල් තැන්පත් කරන ලෙසට ගනුදෙනුකරුවන් පොළඹවා ඇති අතර, සැකකරු පලා යෑමත් සමග තැන්පත්කරුවන්ටද රැකියා අවදානමක් උද්ගත වී තිබේ.
රුපියල් ලක්ෂ 05ට අඩු ගනුදෙනු පිළිබඳ දොඩම්ගොඩ පොලීසියටද, රුපියල් ලක්ෂ 50 දක්වා ගනුදෙනු පිළිබඳ මතුගම කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයටද, ඊට වැඩි ගනුදෙනු පිළිබඳ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යොමු කරන ලෙස පොලීසිය ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදී තිබේ.