මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් (12) දින උදැසන සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඒම නිසා වාන් දොරටු තුන විවෘත කල බවත්, මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග කැණියොන් ,ලක්ෂපාන ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.