කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.
ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
ඒ අතරින් 03ක් නේවාසිකාගාරවල රැඳී සිටි අය වනඅතර අනෙක් දෙදෙනා බාහිර නවාතැන්වල රැඳීසිටින අය වෙති.
ආසාදිත සිසුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 24 දෙනෙකු අද (05) දිනයේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කර ඇති නමුත් ඉන් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබේ.