ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඌව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ක පමණ තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.