කිලිනොච්චිය ඉයක්කච්චි ප්රදේශයේදි කේරළගංජා කිලෝ 02 ග්රෑම් 100ක් විකිණීමට උත්සාහ දැරූ කාන්තාවක් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඉයක්කච්චි ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී අදාළ කාන්තාව කේරළ ගංජා අලෙවි කිරිමට පැමිණ සිටියදි අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තව කිලිනොච්චිය ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය සමග අදාළ කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලීසිය වෙතට භාර දීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබිය.