ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සෙවකයකු වු ක්‍රිස්තු රාජ ජාතික පාසලේ ශිෂ්‍යවකගේ පියෙක් කොවිඩ් 19 ආසාදන වී තිබීම නිසා එම ශිෂ්‍යවගේ සමීපතම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු, ආචාර්ය මණ්ඩලයේ දෙදෙනකු හා කොවිඩි19 ආසාදිතයාගේ බිරිඳ, දුව හා පුතා ඉකුත් 10 දා PCR පරීක්ෂණයකට යොමු කරණු තිබිණි.
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපියන් 150 දෙනකු ස්වයං නිරෝධනය ට යොමු කල බවද එස්.ඩබ්ලිව්. එම්.වයි. විජේසිංහ මහතා පැවසීය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා