කරවල හා හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 1ක් මත රුපියල් 100ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අමතරව තවත් ආහාරද්‍රව්‍ය කිහිපයකටම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබේ.
ඒ අනුව
බටර් / කිරිවරුන් නිෂ්පාදනය කළ තැවරුම් මත කිලෝවකට රු880ක බද්දක්,
උළුහාල් ඇට කිලෝවකට රු 50ක බද්දක්,
කුරක්කන් පිටි කිලෝවකට රු. 150ක බද්දක්,
අබ ඇට කිලෝවකට රු 62 ක බද්දක්,
ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු (මේස ලුණු හා ස්වාභාවික තත්වය වෙනස් කළ ලුණු ඇතුළුව) මුහුදු ජලය මත රු 40 ක බද්දක්
2021 අගෝස්ත් මස 12 දා සිට වසරක කාලයක් සඳහා මෙම බදු පැනවීම ක්‍රියාත්මක වෙයි.