සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල මබෝල ප්‍රාදේශිය සභා කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු ඊයේ (07) නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
ගෙවුණ සතියේ මෙම ස්ථානයේ සේවයේ නියුතුව සිටි සේවකයන් දෙදනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වු අතර ඊයේ දින (07) තවත් සේවකයෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා රෝහල්ගත කිරිමෙන් අනතුරුව මේ තිරණය ගත් බවද ඒ මහතා පැවසිය.
ජාඇල තිස්ස කොටින්කඩුව