පුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කරමින් සිටි 80 ක සේවක පිරිසක් ඊයේ (28) පීසීආර් පරික්ෂණයට ලක් කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ 11 දෙනෙකු පසුගිය දිනෙක යම් කිසි රාජකාරි කටයුත්තක් සදහා මෙම ස්ථානයට ගොස් ඇති බව අනාවරණය විමෙන් පසු කරන ලද පරික්ෂණ කටයුතු වලදි ඔවුන්ගෙන් සතර දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වි ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරෙන් සොයා ගත් තවත් කෙරෝනා ආසාදිතයට ලක්වු නාවික භටයෙකු බෝපිටිය සමෘද්ධි බැංකුවට යමිකිසි කටයුත්තකට ගොස් ඇති බව හෙලිවිමෙන් එම බැංකුවේ සියලූ සේවක පිරිස අද පිසිආර් පරික්ෂණයකට යොමු කිරිමට කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.
ජාඇල - තිස්ස කොටින්කඩුව