පුද්ගලයකුට පහර දිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත 1 දින මුදා හැර ඇති බව කියයි.
මෙසේ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ සභාපති නිමල් ජයසිරි බංඩාර මහතාය .
පසුගිය 26 දින කරුවලගස්වැව 7 කණුව ප්රදේශයේදී සභාපතිවරයාගේ පහර කෑමට ලක්වු කරුවලගස්වැව විජයපුර පදිංචි ඩි.ජයරත්න මහතා පුත්තලම මුලික් රෝහලට ඇතුලත්ව ප්රථිකාර ලබා ගැනිම සිදුව තිබුණි.
අදාළ පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්රාදේශීය සභා සභාපතිවරයා කරුවලගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ පහර දීම සම්බන්ධව පැමිණිල්ල කරුවලගස්වැව සමස්ත මණ්ඩලයට යොමු කරමින් බව කියයි.
කොසේ නමුත් සභාපතිවරයාද තමන්ට ජයරත්න නැමති අය පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධවද අදාළ කටයුතු කරන බවද පොලිසිය කියයි.
කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ පවත්වයි.