කෝවිඞ් 19 ආසාදිතයන් පහළොස් දෙනෙකු හමුවීමත් සමගම කුරුවිට බන්ධනාගාරයට 14දා සිට අගුලූ දැමූ බව සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැදවියන් හැත්තෑ අටදෙනෙකු අතරින් කළ පීසීආර් පරීක්ෂණ වලින් දාහතරදෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනෙකු අතරින් එක් නියාමකවරියක් කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
කොළඹ සිට සැකකාරියන් කිහිපදෙනෙක් කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයට සති කිහිපයකට පෙරදී රැගෙනවිත් තිබුණි. ඔවුන් වෙනම රදවා තබා තිබූ අතර මුලින් සැකකාරියන් 28 දෙනෙකුගේ පිසීආර් පරීක්ෂණ පවත්වා තිබුණි. සතියකට පමණ පෙර කළ එම පීසීආර් පරීක්ෂණ වලදී එක් සැකකාරියකට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී තිබූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචි රිමාන්ඞ් භාරයේ සිටි සැකකාරියකට මෙසේ ආසාදිත වී තිබූ අතර ඇය පල්ලන්සේන බන්ධනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවනු ලැබිනි.
ඉන් අනතුරුව කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිටි සැකකාරියන් පනස් දෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනක් පසුව පිසීආර් පරික්ෂණයට යොමුකළ බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
රත්නපුර ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණාගාරයේදි කළ එම පරීක්ෂණයෙදී සැකකාරියන් දහතුන් දෙනෙකුගේ සහ එක් නියාමකවරියකගේ කෝවිඞ් 19 ආසාදිත බව තහවරු වූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.