කුරුවිට තරුණිය ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06දා) රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කළේය.
බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි අධිකාරි 52 නැමති තිදෙරු පියෙකු මෙසේ සිය දිවි නසාගෙන තිබිණ.
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග මිය ගිය අය අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබේ.
තරුණිය ඝාතනය කරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර්
වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි 03 උදේ පොලිසීය සොයාගෙන තිබේ.
මිය ගිය අය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට
ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.
පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ
ගෙනවිත් නිවස තුළට නොගෙන ආලින්දයේ පැය භාගයක් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්
අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.
මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි
නිවසට වී සිටියහ. පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි