ලෝක විවාහක රූ රැජින හා නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුඳුවත්ත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව බවත් ඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තරගාවලියේදී සිදුවූ සිදුවීමක් පිළිබඳව පුෂ්පිකාද සිල්වා මහත්මිය කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකළ බවයි.
තරගාවලියේදී ජයග්‍රාහිකාව වූ තමාට පැළඳූ කිරුණ වෙනත් තැනැත්තිකයට පැළදීමේදී තමන්ට තුවාල වූ බවත් තමන්ට සාපරාධීබලහත්කාරය පෑ බවත් පුෂ්පිකාද සිල්වා මහත්මිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ සටහන්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.