2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඇය කණගාටු වන බවත් කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇය එය සිදුනොකල බවයි.
" වාද මතවාදවලට තුඩුදුන් පසුගියදා සිදුවූ සිදුවීම් ගැන මාගේ අවංක කණස්සල්ල පළකර සිටිනවා. කිසිවෙකු සමග මාගේ පුද්ගලික ආරෝවක් නැහැ. පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ලඟ නැහැ.
ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගයේ අවසාන වටයට තේරී පත්වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සලකනවා. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම් සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටියා.
මම කිසිම තරගකාරියකට පක්ෂපාතිව හෝ විරුද්ධව කටයුතු කළේ නැහැ. මා නිරන්තරයෙන් සිට ගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන්.
මා දිනාගත් කිරුළ නැවත භාරදීමට මට කාලය එළැඹි ඇති බව මම දනිමි. කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස අන් කිසිවක් නොවේ." කැරොලයින් ජුරි ප්‍රකාශ කළේය.