කිරිපිටි වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ගෙන යන සටනට මහා භාණ්ඩාගර නිලධාරීන් මොට කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව අද (04දා) සඳහන් කළේය. මහා භාණ්ඩාගාර නිලධාරීන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් බිය ගැන්වීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.