කොරෝනා වෛරස් තත්වයක් පැවතියද අසරණ හෘද රෝගින් ගැන සිතා ඊයේ (23) හා අද (24) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම් සිදුකොට ඇත.
හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් ඊයේ දින හෘද සැත්කම් 04ක් හා අද (24) දින සැත්කම් 02ක් සිදු කරණු ලැබිය.
කෙසේවුවද මේ වනවිට රුධිරය හා රුධිර පට්ටික්කා පිළිබද හිගයක් පවතින නිසා හෘද සැත්කම් හා අනිකුත් සැත්කම් සිමාකිරිමට දන්වා ඇති බැව් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවසිය. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
"පසුගිය සතියේ මට වෙන්වි ඇති දින තුනේ හදවත් සැත්කම් සිදුකළා. හදවත් සැත්කම් කිරිමට කොරෝනා වෛරස් තත්වයක් බධාවක් නැහැ. හදවත් සැත්කම් කිරිමට කලින් හදවත් සැත්කමට භාජනය වන රෝගියා නිරෝධායන ක්‍රියාවලියන් කරලා තමයි සැත්කමට ගන්නේ ඒ අය කොරෝනා නිසි නෙවෙයි කොහොමත් හදවත් සැත්කම් කරණවිට නිවසේ සිට නිරෝධනයට ලක්වෙලා තමයි එන්නේ.
හෘද හා උරස් ශල්‍ය ඒකකය සංවෘත ඒකකයක්. කොරෝනා නිසා හදවත් සැත්කම් නතර කිරිම සාධාරණ හේතුවක් නැහැ. කොරෝනා වලින් අපේ රටේ තවම එක මරණයක් වාර්තා වෙලා නැහැ. නමුත් හදවත් රෝගින් 120 - 150ක් අතර සංඛ්‍යාවක් මිය යනවා.දැනට ගැටළුව තියෙන්නේ රුධිරය හා රුධිර පට්ටිකාවල හිගයයි"