ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර කන නාසය පිළිබද වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (07) තහවුරුවි ඇති බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.
මෙකි වෛද්‍යවරයා කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ (06) පි.සි.ආර් පරික්ෂණයක් කරවාගෙන ඇත.අද ලැබුණු පි.සි ආර් පරික්ෂණ ප්‍රථිපල අනුව මෙකි වෛද්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද රෝහල් ප්‍රකාශකයා සදහන් කළේය. මෙකි වෛද්‍යවරයා පසුගිය 26 වැනිදින රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ දි රෝගියෙකුට ප්‍රථිකාර කොට ඇත. එදින වාට්ටුවේ දි කෘතිම ස්වශනාලයක් දමා ඇති රෝගියකුට ද මෙම වෛද්‍යවරයා ප්‍රථිකාර කොට ඇත ඒ සදහා යම්කිසි කාලයක් ගතවි ඇති අතර එකම දින මෙම වෛද්‍යවරයා විසින් රෝගින් දෙදෙනෙකුට ප්‍රථිකාර කොට ඇති නිසා එම රෝගියකුගෙන් වෛද්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ.
උගුර කණ හා නාසය පිළිබද වාට්ටුවේ සිටි රෝගින් වැඩිදෙනෙකු දෙසැම්බර් අන්තිම සතියේ නිවෙස්වලට නිදහස්කොට යවා තිබේ. මෙකි වෛද්‍යවරයා ජනවාරි 01 වැනිදින වාට්ටුවේ තිබු තේ මේසයට ද සහභාගි වි ඇත. ජනවාරි 04 වැනිදින සිට වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ නැති අතර 04 වැනිදින සිට ඔහුට උණ හුස්ම ගැනිමේ අපහසුව වැනි රෝග ලක්ෂණ තිබි ඇති අතර එම නිසා වෛද්‍ය වරයා පි.සි ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇත.
කොරෝනා අසාදිත වෛද්‍යවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන මෙකි වාට්ටුවේ වෛද්‍යවරයකු නිරෝධායනයට ලක්කොට ඇති අතර මෙම වාට්ටුවේ සියලු කාර්යමණ්ඩලය අද (07) දින පි.සි ආර් පරික්ෂණවලට ලක්කිරිමට පියවරගෙන ඇති බවද රෝහල් ප්‍රකාශකවරයා පවසයි. දෙසැම්බර් මස 24 වැනිදින සිට මෙකා වාට්ටුවෙන් නිදහස්ව ගිය රෝගින්ගේ නම් ඇතුලත් තොරතුරු ලයිස්තුගත කොට රෝගින් පි.සි ආර් යොමුකිරිමට කටයුතුකර ඇති බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර