ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිදුකොට ඇති අතර ඉන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.
කොරෝනා ආසාදනය වී තිබේද යන්න හඳුනා ගැනිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකසහිත රෝගින්ගෙන් ලැබෙන සාම්පල් මෙම කාලය තුළදි පී. සී.ආර් පරික්ෂණවලට ලක්කළ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
කරාපිටිය ශික්ෂණ රෝහල තුළ මේ වනවිට සිදුකරණ පී.සී.ආර් පරික්ෂණ සංඛ්‍යාව වැඩිකොට ඇති බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා දිනකට පී. සී.ආර් පරික්ෂණ 150ක් 200ක් අතර සංඛ්‍යාවක් සිදුකිරිමට අවශ්‍ය පහසුකම් රෝහල සතුව තිබෙන සඳහන් කළේය.