ජර්මන් රජයේ ආධාර යටතේ කරාපිටියේ ඉදිකෙරන නව මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඊයේ (07) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ නීරික්ෂණයට ලක් විය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා කෘෂි අපනයන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා සහ මහමෝදර මාතෘ රෝහලේ හිටපු අධ්යක්ෂ සහ ව්‍යාපෘති අධ්යක්ෂ ප්‍රියානි සේනාධිර මහත්මිය ද එක්ව සිටියහ.
මෙහිදි සෞඛ්‍ය අමාත්‍යතුමිය මහල් 06 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණය කරන ලද අතර, ඉදිකිරීම් කටයුතු වලට අදාල ඉදිරි සැළසුම් පිළිබදව ද කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි. නිරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරිය කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින්ට පෙන්වා දුන්නේ දකුණු පළාතේ ජනතාවට අවශ්‍ය වූ සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම සදහා ඉදිකිරිම් කටයුතු නිසි ප්‍රමිතීන්ට අනුකූලව පෙබරවාරි මස ඇතුලත අවසන් කර දීමට කටයුතු කරන ලෙසයි.
2004 දෙසැම්බර් මස 26 දින ලංකාවට බලපෑ සුනාමි උවදුරින් හානියට පත් වූ මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට්කෝල් මහතා විසින් තීරණය කරනු ලදුව හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයන් මගින් රජය විසින් පිරිනැමූ ඉඩමක පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරිම වසර 2005 දී අරඹන ලදි.
මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ දී මුලික අත්තිවාරම් අවධියෙන් මෙම ව්‍යාපෘතිය ඇනහිටිනි. වසර 2012දී මෙම රෝහලේ නැවත ඉදිකිරිම් ඇරඹීම සදහා ජර්මනියේ KFW (පුණර්නිර්මාණි බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර, ඇති කරගත් ගිවිසුමක් මගින් යුරෝ මිලියන 28ක සහන මුදල් මේ සදහා වෙන් කෙරිනි.
ඒ අනුව මහල් 06කින් යුත් මෙම මාතෘ රෝහල ජර්මන් රජයේ රුපියල් මිලියන 5,000ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ නවීන තාක්ෂණය යටතේ ඉදිකිරිම් කටයුතු 2015 වසරේ දි ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරන මෙම මාතෘ රෝහල ඇදන් 600 කින්, ශල්‍යාගාර 06කින්, නව ජන්ම හා දැඩිසත්කාර ඒකක 02කින් සමන්විත නවීන පහසුකම්වලින් යූතු දකුණු පළාතේ ඉදිකෙරන ප්‍රථම මාතෘ රෝහල වේ.