නව කොරෝනා වෛරසයට එරෙහි සටනින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත්වීම නිසා එරටට ජීවිත රැසක් නැතිවී, මිනිසුන්ගේ රැකියා දස ලක්ෂ ගණනින් අහිමි වූ බව ඩිමොක්රටික් උපජනපති සටනේ නිරත කමලා හැරිස් චෝදනා කරයි.
ඇය මෙම අදහස් පළ කළේ ඩිමොක්රටික් ජාතික සම්මේලනයේදීය. එහිදී මෙවර ජනපති සටන වෙනුවෙන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකත්වය නිල වශයෙන් ජෝ බයිඩන් වෙත පිරිනැමීමද සිදුවිණි.
මෙහිදී ට්‍රම්ප් දැඩි ලෙස විවේචනයට ලක්කළ හැරිස්, ට්‍රම්ප්ගේ හැකියාවන් සහ ඔහුගේ චරිත ස්වභාවය ගැනද අදහස් පළ කළාය.
"ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා." හැරිස් කියා සිටියාය.
ලෝකයේ මේ වනවිට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් එක්සත් ජනපදය වාර්තා කර ඇති අතර, එම අගයන් අද (19දා) උදෑසන වනවිට වාර්තා වූයේ 5,525,235ක් ලෙසිනි. මරණ සංඛ්‍යාව 172,970ක් දක්වා ඉහළ ගොස් තිබේ.