කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය තවදුරටත් වසංගතයක් ලෙස නොසැලකීමට ලෝකය 'වෛරසය පාලනය කිරීමේ ඉතා වැදගත් ස්ථානයකට' යා යුතුව ඇති බවත්, මේ ප්‍රතිචාරයේ සීනු නාද කිරීමට පෙර තව බොහෝ දුරටක් යා යුතුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේ ඊයේ (13දා) ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
රටවල් නව සාමාන්‍යයක් කරා යන මාවතක් සෙවීමට උත්සාහ කිරීම ගැන රයන් පැවසුවේ, "අපට දිගු කලක් එම මාවතේ ගමන් කිරීමට සිදුවේවි. එ අනුව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි මගින් තෝරාගැනීම් දෙකක් පමණක් සිදු කරන්නට වෙනවා. ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පවත්වා ගැනීම, නැත්නම් පවත්වා නොගැනීම." යනුවෙනි.
"අපගේ අවදානම් තක්සේරුකරණයේ කාලය ගත වනවිට, අපගේ ක්රමානුකූල අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තුළින් ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් අනතුරු ඇඟවීමේ මට්ටම අඩු කළ හැකියි. මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි." රයන් වැඩිදුරටත් පැවසීය.