කොවිඩ්-19 වෛරස ප්රභේදයන් හැඳින්වීමේදී මෙතෙක් කලක් භාවිත කළ විවිධ නම් බොහෝ දෙනෙකුට පැටලිලිසහගත වූ නිසාත්, ඒ හරහා වැරදි තොරතුරු සමාජගත විය හැකි නිසාත් ග්‍රීක හේඩියේ අක්ෂර පිළිවෙළට කොරෝනා වෛරස ප්‍රභේදවලට අලුත් නම් පැවරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද අවධාරණය කරමිනි. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකානු ප්‍රභේදය හැඳින්වීමට විද්‍යාඥයන් භාවිත කළ B.1.351, 501Y.V2 සහ 20H / 501Y.V2 ඇතුළු විවිධ නම් ඉතා සංකීර්ණ බවත් පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධානය, උච්චාරණය සරල කිරීම සඳහාත් මෙසේ ග්‍රීක හෝඩියේ අක්ෂර වෙත යොමුවූ බව සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ වසංගතය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය විසින් සැලකිලිමත් වන සහ සාමාන්‍යයෙන් එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ ඉන්දියානු ප්‍රභේද ලෙස හඳුන්වනු ලබන කොරෝනා වෛරස ප්‍රභේද හතරට, ඒවා හඳුනාගැනීම සඳහා දැන් ඒ අනුපිළිවෙල අනුව ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා (Alpha, Beta, Gamma, Delta) ලෙස ග්‍රීක හෝඩියේ අක්ෂර පිළිවෙලට නම් ලබා දී ඇත. තවත් ප්රභේදයන් ඉස්මතු වුවහොත් ග්‍රීක හෝඩියේ අක්ෂර ඉදිරි පිළිවෙලට ඒවා නම් කෙරෙනු ඇත.
"මෙතෙක් කලක් වෛරසයේ ප්රභේදයන් සම්බන්ධයෙන් වූ විද්‍යාත්මක නම් කීමට හා සිහිපත් කිරීමට අපහසු වුණා. ඒ වගේම ඒවා වැරදි අර්ථකථන සපයමින් වාර්තා කිරීමට ඉඩ තිබුණා." ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තීරණය පැහැදිලි කළේය.
කෙසේ වෙතත් මෙසේ ග්‍රීක හෝඩිය තෝරාගැනීම පැමිණියේ, ග්‍රීක දෙවිවරුන්ගේ නම්, වෙනත් හැකියාවන් සහ නව නිපැයුම්, ව්‍යාජ සම්භාව්‍ය නම් ආදී ලෙස විශේෂඥයන් විසින් ඊට යොදන නම් සම්බන්ධයෙන් මාස ගණනක් සලකා බලමින් සිදුකළ සාකච්ඡාවලින් පසුව බව එකී සාකච්ඡාවලට සම්බන්ධ වූ බැක්ටීරියා විද්‍යාඥ මාක් පැලන් පැවසීය.
එමෙන්ම VOC1, VOC2 යනාදී ලෙස සැලකිලිමත් ප්රභේදයන් හැඳින්වීමට තවත් අදහසක් ඉස්මතු වුවත්, ඒවා ඉංග්‍රීසි දිවුරුම් වචනයකට සමාන බව පෙන්වා දීමෙන් පසුව එයද ඉවත් වූ බව හෙතෙම පැවසීය.
ඓතිහාසික වශයෙන්, වෛරස් බොහෝවිට ඒවා මතුවූ ස්ථාන සමග සම්බන්ධ වී ඇති අතර, උදාහරණයක් ලෙස ඉබෝලා වෛරසය නම් කර ඇත්තේ කොංගෝ ගංගාව හැඳින්වූ ගෞරවාන්විත නමිනි. නමුදු වෛරසයක් හැඳින්වීමේදී යම් කලාපයකට හානිකර හෝ බොහෝවිට සාවද්‍ය වන්නේ, 1918 දී මතුවූ 'ස්පාඤ්ඤ උණ' වසංගතයේ මූලාරම්භය තවමත් නොදන්නා බැවිනි.
"ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.