කොරෝනා වෛරසය ආසාදිත ලංකාවේ ප්‍රථම රෝගියාව සොයා ගැනීමත් සමඟ ඇය සංචාරය කරන අතරතුර මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විමත් සමග එම හෝටලයට හා ඒ ආශ්රිත ප්‍රදේශ පිළිබදව අවධානය යොමු කිරිමට මාතලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (28)දා පැවසුවාය.
ඇය වැඩිදුටරත් සඳහන් කළේ මේ සිද්ධිය සැලවිමත් සමග එම ස්ථාන ප්‍රාදේශීය වසංගතය රෝග විශේෂඥ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යොදවා පරික්ෂා කළ බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ,දඹූල්ල ප්‍රධාන රෝහල් ඇතුලු අනෙකුත් රෝහල් වල කාර්ය මණ්ඩල දැනුවත් කිරිම් සිදු කරන බවත් විදේශ රටවලින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවර්ධන ව්‍යපෘති කිහිපයක චින ජාතිකයින් සේවය කරන බවත් ඔවුන් පිළිබඳව අදාළ නිලධාරින් දැනුවත් කළ බවද වික්‍රමතිලක මහත්මිය පැවසුවාය.
මේ වනවිට ආසියාවේ කොරෝනා වෛරසය ආසාදිත රටවල් 10ක් වන බවත් ජනතාව දැනුවත් කිරිම වඩාත් ඵලදායි බවත් මෙම කොරෝනා වෛරසය මාරාන්තික වී ඇත්තේ මහලු පුද්ගලයන්, කුඩා දරුවන් හා වෙනත් රෝගී තත්ත්වයන් ද සහිත පුද්ගලයන්ට බවත් කෙසේ වෙතත් මෙම රෝගය මෙරට පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය සැම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.