ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
"මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය.
විශේෂයෙන්ම ඔවුන් සැලකිලිමත් වන්නේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට ව්‍යාප්ත විය හැකි බව නිසා යැයිද ඔහු සඳහන් කළේය.
ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ආචාර්ය ටෙඩ්රොස් විස්තර කළේ වෛරසය 'පෙර නොවූ විරූ ව්‍යාපාතියක්' වුවත් ඊට එරෙහිව 'පෙර නොවූ විරූ ප්‍රතිචාරයක්' ලැබී ඇති බවයි.
එය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් ගෙන ඇති 'අසාමාන්‍ය ක්‍රියාමාර්ග' ගැන ප්‍රශංසා කළ ඔහු, වෙළඳාම හෝ චීනයට සංචාරය කිරීම සීමා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද පැවසුවේය.
"මට පැහැදිලිව කියන්න පුළුවන්, මෙම ප්‍රකාශය චීනය කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් නොවෙයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
නව කොරෝනා වෛරසයෙන් චීනයේ පමණක් ඊයේ (30දා) දිනය අවසන් වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිල තොරතුරු ඇසුරෙන් ප්‍රකාශයට පත්කොට තිබුණි.
තවත් රටවල් 18ක රෝගීන් 98ක් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී බොහෝ ආසාධිතයන් හමුවී ඇත්තේ වෛරසය පැතිරීම ආරම්භ වූ චීන නගරයක් වන වුහාන් සිට ගමන් කළ අය තුළය.