මේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබදව විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය මේ බව පවසා සිටියාය.
ජනාධිපතුමා මෙන්ම අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව තමාගෙන් විමසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවත් මේ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන්ට අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා දැනුම් දෙන ලෙස මේ වන විට දැනුවත් කරන බවත් ඇය සඳහන් කළාය. තවද ගුවන් තොටුපළ මේ සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද රදවා ඇති බවද අමාත්‍යතුමිය සඳහන් කළාය.
මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සඳහන් කළ ඇය වැඩිදුරටත් පවසාසිටියේ උණ රෝගයෙන් පෙලුණු චීන ජාතික දරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුවද , පසුව එම දරුවා උණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එය සාමාන්‍ය උණ තත්ත්වයක් බව තහවුරු වූ බවය.
කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරටට මෙම වෛරසය ඇතුළු වීමට උපරිම පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය තහවුරු කළාය.