චීනය හැරුණු විට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මරණ හා සිද්ධීන් යුරෝපය තුළ වර්ධනය වීම තුළ මේ වනවිට කොරෝනා වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් කියා සිටියේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු වැඩිදුරටත් මෙම අදහස් පළ කළේය.
"චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ ප්‍රමාණයට වඩා සෑම දිනකම වැඩි සංඛ්‍යාවක් දැන් යුරෝපයෙන් වාර්තා වෙමින් පවතිනවා" යැයි ඔහු පැවසීය.