කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම හා මැඩලීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් සමස්ත ක්‍රියාවලියේ පැවති සහ පවතින විවිධ දුර්වලතා හේතුවෙන් රෝගය විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ජාතික විද්වත් සංවිධානය පවසයි.
වසංගතය පැතිරයාම ආරම්භයේදීම නිසි තීරණ නිසි වෙලාවට නොගැනීම සහ දේශපාලන බලය තහවුරු කරගැනීමට වැඩි අවධානයක් යොමුකිරීම හේතුවෙන් රෝගය රට තුලට ඇතුල් වීම වැළැක්වීමට මුල් අවස්ථාවේදීම රජය අපොහොසත් වූ බව ද විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික විද්වත් සංවිධානය රජයෙන් පහත ඉල්ලීම් කඩිනමින් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
1. කොරෝනා මර්දන ව්‍යාපාරය ජාතික වැඩසටහනක් බවට පත්කර එහි වගකීම සෞඛ්‍ය හා ආපදා කළමනාකරණ අංශ වෙත ලබාදෙමින් එය සිවිල් ක්‍රියාවලියක් බවට පත්කිරීමට පියවර ගැනීම. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහ සිවිල් සංවිධානවල සහය ලබාගැනීම. කොරෝනා මර්දන අරමුදල ඵලදායී ලෙස රෝග මර්දන කටයුතු සඳහා විනිවිද පෙනෙන අයුරින් යොදාගැනීම.
2. කොරෝනා වසංගතය තම දේශපාලන බල ව්‍යාපෘතියේ කොටසක් කිරීමත් ඒ සමග ජාතිවාදී ගිනි ඇවිලීමත් වහාම නතර කිරීම.
3. අවිනිශ්චිත තත්වයන් යටතේ මහමැතිවරණයක් පවත්වා ජනතාවගේ ජීවිත අවදානමට ලක් නොකර තත්වය සමනය වනතුරු මහමැතිවරණය කල්දැමීම සහ ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදයට ගරුකරමින් ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී අති බලතල අනුව නොපමාව කටයුතු කිරීම.
යන ඉල්ලීම් ඉටු කරන ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.