නව කොරෝනා වෛරසයට ධනාත්මකව සිටියදීම වෝල්ටර් රීඩ් රෝහලෙන් ධවල මන්දිරය වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සුපුරුදු ඕවල් කාමරයට පැමිණ කියා සිටියේ නව කොරෝනාවේ රෝග විනිශ්චය දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් බවය.
වෝල්ටර් රීඩ් රෝහලෙන් පැමිණි පසු ට්‍රම්ප් මුලින්ම රෝස උද්‍යානය වෙත පැමිණ මාධ්‍ය වෙත සිය මුහුණ පෙන්වා ගියේ පසුගිය බදාදා දිනයේදීය. නමුත් එම අවස්ථාවේ ඉතා උද්යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.
ඉන් අනතුරුව ට්‍රම්ප් ඕවල් කාමරය වෙත පැමිණ පවසා සිටියේ, "මෙය දෙවියන්ගේ ආශීර්වාදයක් යැයි මා සිතනවා. එය වෙස් වළාගත් ආශීර්වාදයක්" වෝල්ටර් රීඩ් හිදී තමන් වෙත ලබාදුන් පරීක්ෂණාත්මක ඖෂධ සංයෝගය පිළිබඳ සිය අත්දැකීම විස්තර කරමින් ට්‍රම්ප් පැවසීය.
වෝල්ටර් රීඩ් රෝහලේදී ට්‍රම්ප් වෙත රෙජිනෙරොන් නමැති පරීක්ෂණාත්මක ප්‍රතිදේහ ඖෂධ මාත්‍රාවක් ඔහු වෙත ලබාදී තිබුණි. මෙම ඖෂධයෙන් තමාට සුවයක් දැනෙන බව පැවසූ ට්‍රම්ප්, එය සෙසු ඇමෙරිකානුවන්ටද කිසිදු ගාස්තුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.
"සෑම කෙනෙකුම ඔබේ ජනාධිපතිවරයාට සමාන සැලකිල්ලක් දැක්වීමට මට අවශ්‍යයි," ට්‍රම්ප් පැවසීය: "එය ඇදහිය නොහැකි තරම් දෙයක්."
මැතිවරණ දිනයට පෙර එන්නතක් ලබාගැනීමේ අපේක්ෂාවන් මුල සිටම සිටි ට්‍රම්ප් දැන් තමා ගත් ඖෂධය ගැන වර්ණනා කරමින් යළිත් වරක් දේශපාලන උපායක් අනුගමනය කරන බවටද චෝදනාවන් පවතී.
"මම හිතන්නේ මැතිවරණයට පෙර අපට එය තිබිය යුතුයි. අවංකවම, දේශපාලනය මැදිහත් විය යුතුයි" ඔහු පැවසීය.