කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන සංචාරක කාන්තාව නැවතී සිටි හෝටලයේ සේවිකාවක් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
එම සේවිකාව මුලින්ම බලපිටිය මූලික රෝහල ඇතුළත් කිරීමෙන් පසු මෙසේ IDH රෝහල වෙත මාරු කර තිබේ.
ඇය අහුන්ගල්ල ප්රදේශයේ හෝටලයක සේවය කරන සේවිකාවකි.
(කරන්දෙනිය එම් .සුසිල් ප්රියන්ත ,බටපොල දීපාල් ද සිල්වා)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9ff94dc777.jpg)