2020 සැප්තැම්බර් මස 28දා රාත්රියේදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියනයක සීමාව පසුකළ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කළේය.
ඒ අනුව අද (29දා) උදෑසන වනවිට එම අගය සටහන් වූයේ 1,000,825ක් ලෙසිනි. එහිදී වැඩිම මරණ වාර්තා වන රට ලෙස එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 205,062ක් විය.
නව කොරෝනා වෛරසයට සම්බන්ධ පළමු වැනි මරණය ජනවාරි 09 වැනි දින මධ්‍යම චීනයේ නගරයක් වන වුහාන් හිදී වාර්තා විය.
සති 24කට පසුව, එනම් ජුනි 28 වැනිදා ලෝකය මිලියන භාගයක මරණ වාර්තා කළ අතර, එම සංඛ්‍යාව දෙගුණ කිරීමට සති 13ක් වැනි කෙටි කාලයක් ගත විය.
ජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.