COVID-19 එන්නතක් ගැන දැඩි බලාපොරොත්තු තබා තිබුණද, වසංගතය මැඬපැවැත්වීම සඳහා රිදී උණ්ඩයක් කිසිවිටෙකත් නොතිබිය හැකි බවත්, ඒ සඳහා සාමාන්‍ය තත්ත්වයට යන මාර්ගය දීර්ඝ එකක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසයි.
ඒ නිසා මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථබව රැකීම, අත් සේදීම සහ පරීක්ෂා කිරීම වැනි සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් සහ එහි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් සියලු රටවලට අවවාද කළහ.
ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ සිට අතථ්‍ය ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ටෙඩ්රොස් කියා සිටියේ, "මිනිසුන්ට සහ රජයන්ට දෙන පණිවිඩය පැහැදිලියි. මුඛ ආවරණ ලොව පුරා සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්විය යුතුයි" යනුවෙනි.
"එන්නත් ගණනාවක් දැන් තුන් වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම්වල පවතිනවා. මිනිසුන්ට ආසාදනය වීම වළක්වා ගත හැකි ඵලදායී එන්නත් ගණනාවක් ලබාදීමට අප සැවොම බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට ඒ සඳහා රිදී උණ්ඩයක් නැහැ. ඒ වගේම කිසිවිටෙකත් එසේ නොවනු ඇති." අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.