දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
රටේ ආර්ථිකයත්, සාමන්‍ය ජන ජීවිතයත් අවදානම් හා ගැටලු සහගත තත්වයකට මුහුණදී ඇති මේ මොහොතේ සියලු පක්ෂ එක්ව රජයට සහාය දැක්වීම ඉතා වැදගත් බව කොළඹ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සාරoග විජයරත්න අවධාරණය කර සිටී.
මැතිවරණක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක දේශපාලන පක්ෂ අතර වාද විවාද හා දැඩි තරගයක් ඇතිවීම සාමන්‍යය තත්වයකි. නමුත් රටක් ලෙස මෙවන් අවස්ථාවකදී එකට එක්වීම කොවිඩ් වසන්ගතය මගින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි හානිය අවමකර ගැනීමට ඉතා වැදගත් බව සාරංග විජයරත්න මහතා පවසයි.
කොරෝනා හරහා ශ්‍රි ලංකාවේ ආනයන වලින් 21% ක ප්‍රමණයක් සපයන චීනය සමග ඇති සැපයුම් මාර්ග වලට දැඩි බලපෑම් එල්ලවීම තුළින් ශ්‍රි ලංකාවේ නිශ්පාදන කටයුතු අඩාල වීම මෙන්ම එදිනෙදා සාමන්‍යය මහජනතාවට අවශ්‍ය භාණ්ඩ රැසක හිගයක් ඇතිවීමේ අවධානමක් පවති බවත් ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ අපයනයන ආදායමෙන් 40% කට වැඩි දායකත්වයක් ලබදෙන ඇඟලුම් නිශ්පාදන කටයුතු අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් විශාල ගැටලුකාරී තත්වයකට මේ වනවිට පත්වී ඇති බවත් සoචාරක කර්මාන්තයට සිදුවූ බලපැම හේතුවෙන් ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර ලෙස ආදායම් මාර්ග සකසාගත් විශාල පිරිසකට බලපෑම් එල්ලවී ඇති බවත් ඔහු පවසයි.
විශේෂයෙන්ම මේ හරහා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
මෙම වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම් මෙතෙක් ගණනය කර නොමැති අතර එය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට දැරිය නොහැකි තරම් විශාල වීමේ අවධානමක් පවතින බවත් ඔහු සඳහන් කරයි..
මෙම තත්වය හමුවේ දිනෙන් දින වැඩිවන අවදානම හා ආර්ථික බලපෑම හමුවේ මුලු රටම මේ සඳහා පෙළගැස්වීමටටත්, ඒ සඳහා ගතයුතු කෙටි හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහාත් සියලුම දේශපාලන පක්ෂ නායකයන් අතර එකඟතාවයක් ඇතිකරගැනීමට නායකත්වය ගන්නා ලෙස ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියි.