කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඊට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන් අතර පසුගිය දා (21) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග ලෝකය පුරාම අපනයන අඩාල වූ අතර ඒ නිසා මෙරට අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් විවිධ දුෂ්කරතාවන්ට පත්ව තිබේ.
අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම, බැංකු මගින් එම භාණ්ඩ වලට මුදල් ගෙවීම් කිරීමේ දී මතු ව ඇති ගැටළු, අපනයන ඇණවුම් සැකසීම වැනි කටයුතු වලදී ඔවුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව අපනයනකරුවන් තමන්ට දැනුම් දි ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙනම අධ්‍යනයක් සිදු කර ඇති අතර අපනයනකරුවන්ට සහන සැලසීම සදහා වන යේජනා 08 ක් හදුනාගෙන තිබේ.
අපනයන ඇණවුම් සදහා අමද්‍රව්‍ය හිගය මගහරවාලීම, අපනයනකරුවන් සදහා රේගුව අනුගමනය කරන විශේෂිත බහු ක්‍රමය සදහා පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීම, ආහාර පාන අපනයනය සදහා බලපා ඇති ගැටළු හදුනාගෙන ඊට විසදුම් ලබා දීම වැනි යෝජනා ඊට ඇතුළත් වේ.
අපනයනකරුවන් මුහුණ පා තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යය සාධන බලකාය ද දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අපනයනකරුවන්ගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙන බව එම බලකාය ද සදහන් කළ බව කියා සිටියේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අපනයන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අපනයන සංවර්ධන මණ්ඩලය සක්‍රීයව දායක වු බවයි. පාරිභෝගික සහාය සදහා වෙන් වු වෙන ම උපකාරක සේවාවන් ආරම්භ කෙරුණ අතර සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබද ව අධික්ෂණය කිරීම ද ඒ අනුව සිදු කෙරිණ.