චීනයේ වූහාන් හි විද්‍යාගාරයකදී කොවිඩ්-19 වෛරසය ආරම්භ වූයේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති බව එක්සත් ජනපදයේ ඉහළ පෙළේ හමුදා ජෙනරාල්වරයෙකු අවධාරණය කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මෙම වෛරසය චීනයේ විද්‍යාගාරයක සිට පැමිණි එකක් බවට සාක්ෂි ඇතැයි නැවත නැවත කියා සිටි පසුබිමක ඇමෙරිකානු ඒකාබද්ධ ප්‍රධානී ජෙනරාල් මාක් මිලී පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී එය ප්‍රතික්ෂේප කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා, "එය වූහාන්හි විද්‍යාගාරයෙන් එළියට ආවාද, එය වූහාන්හි සත්ව වෙළෙඳ පොළෙන් පැතිරුණාද, නැතහොත් එය වෙනත් තැනකින් ඉස්මතු වූවාද යන පැනයන්ට පිළිතුරු අප දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි අප සතුව නැහැ. සිවිල් හා එක්සත් ජනපදයේ විවිධ ආයතන ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටිනවා පමණයි." යනුවෙන් කියා සිටියේය.
"කෙසේ වෙතත් දැනට තිබෙන සාක්ෂිවල බර තැබීම අනුව එය ස්වභාවික ඇතිවූවක් මිස මිනිසා විසින් සාදන ලද්දක් නොවෙයි." යනුවෙන් ඔහු පවසා සිටියේය. එනම්, චීනයේ වූහාන් හි වෛරසය අහම්බෙන් හෝ හිතාමතාම මුදා හරිනු ලැබුවාද නැද්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත සාක්ෂි නොමැති බවත්, දැනට පවතින සාක්ෂිවල වැඩි බර තැබීම එය හිතාමතාම සිදු නොවූවක් බවද ජෙනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.