කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනුයේ මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබෙන බව සහ මෙරට තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කිරීමට පියවරගත් එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහාය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් කර සිටියි.