එක්සත් රාජධානිය විසින් කොවිඩ් -19 සඳහා එන්නතක් සොයාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර, ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් වෙතින් ධනාත්මක ඉඟියක් ලැබුණද, ඒ පිළිබඳ සහතික විය නොහැකි බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පැවසීය.
එක්සත් රාජධානියේ දිනපතා කොවිඩ්-19 වෛරසය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී ජොන්සන් පැවසුවේ, වසර 18කට පසු වුවද තවම සාර්ස් වෛරසය සඳහා එන්නතක් නොමැති බවයි.
එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්රික් වැලන්ස්ද අග්‍රාමාත්‍යවරයාගේ අදහසට අනුව යමින් කියා සිටියේ, "ඔබට කිසි විටෙකත් එන්නතක් ගැන සහතික විය නොහැකියි. එය දුෂ්කර කාර්යයක්." යනුවෙනි.
සමහර එන්නත් මේ වනවිට සායනික අධ්‍යයනයන්ගේ පවතින බැවින් ඒවා හොඳ ප්‍රගතියක් ලබා තිබුණද, අවසානයේදී ඔබට නිවැරදිම එන්නත ලැබෙන තුරු කිසිවක් ඔබ නොදන්නා බව වැලන්ස් කියා සිටියේය.