කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් පහක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
බණ්ඩාරගම , ඉංගිරිය, පිඹුර ,මතුගම හා ඉත්තෑපාන රෝහල් ඒ සඳහා වෙන්කර ඇත
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහල් පහේ කොරෝනා ආසාදිත රෝගීන් 240 සඳහා ඇඳන් සහ අනෙකුත් පහසුකම් සපයා ඇත.
මේ වන විටත් ඉංගිරිය රෝහලේ රෝගීන් 33 දෙනකු හා පිඹුර රෝහලේ රෝගීන් 60 ප්‍රතිකාර ලබන බවත් මීට අමතරව පානදුර සහ හොරණ මූලික රෝහලට කොරෝනා ආසාදිත යැයි සැක කරන යම් රෝගියෙක් පැමිණිය හොත් ඔහු වෙන් කර තැබීමේ පහසුකම්ද එම රෝහල්වල සලසා ඇතැයි ගීගනගේ මහතා වැඩිදුරටත් පැවසීය