කොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.