කොරෝනා වෛරස් රෝගීන් හමුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත නව වාට්ටුවක් රන්ගිරි දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මුලිකත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ සියලුම ස්වේචිජා සංවිධානවල සහ දේශපාලන අධිකාරියේ දායකත්වයෙන් පුද්ගලික ආයතන ධන පරිතාගයෙන් ඉදිකොට දඹුල්ල මූලික රෝහලට භාර දීම අද (15) දින පෙරවරු සිදු කෙරිණි.
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් ඒකනායක මහතාගේ ඉල්ලීමක් මත දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මූලිකත්වය ගෙන රුපියල් ලක්ෂ 80ක මුදලක් වියදම් කරමින් මෙම අංග සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ.
මෙහි රෝගීන් විසි දෙදෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරිය ස්වෙච්ඡා සංවිධාන රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් එක්ව මෙය විවෘත කරනු ලැබූහ.
මේ අවස්ථාවට ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් සෑම විහාරස්ථානයකම විහාරාධිපති නාහිමිවරුන් වැඩමකොට සෙත් පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව රෝහල් බලධාරීන්ට අංගසම්පූර්ණ වාට්ටුව ලබාදීම සිදුකෙරිණි.
හදිසි තත්වයන් යටතේ දඹුල්ල රෝහලට රෝගීන් පැමිණියහොත් එම අයට ප්‍රතිකාර කිරීම සඳහා සියලු ආරක්ෂිතව මෙම ගීන් සිදු කිරීමට හැකි බව ස්වෙච්ඡා සංවිධාන පවසති.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස