රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු (13) දා ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මෙම ආසාදිතයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගි වී තිබූ අතර ඉන් දින කිහිපයකට පසුව ඉකුත් (12) දා මොහුටද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වි ඇතැයි පැවසේ .
ඒ තෙවන වරට ලබාගත් පී.සී.ආර් පරීක්ෂණයෙන් බවද පැවසේ .
රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු මේ පුද්ගලයා මිනුවන්ගොඩ ආයතනයේ මිතුරකුගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී පැමිණීමෙන් අනතුරුව මිතුරාට කොරෝනා රෝගය වැළඳීම තිබූ බව කියයි .
ඒ අනුව මොහු ඉකුත් 06 , 08 සහ 09 දා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්ව ඇති අතර ඉන් පළමු වාර්තා දෙකින්ම මොහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට වාර්තා වූවද තෙවන වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවයි.
මේ අතරතුර ඉකුත් 10 දා කිරිවත්තුඩුව හන්දියේ පිහිටි මෙම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට මොහු පැමිණ ඇත්තේ පෙර නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට බවයි වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසන්නේ,
ඉන්පසුව මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉකුත් 12 දා වාර්තාවීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ එම ස්ථානයට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු සේවිකාවන් දෙදෙනෙකු දින 14 ක්, ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පැවසේ .
ඒ අතරතුරදී ඔවුන්ට කිසියම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කොට ඒ වාර්තාවට අනුව වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි ආශ්‍රිතයින් සොයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .