කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින පිලිපීනය වෙතට වොංෆොං සුළි කුණාටුව ගමන් කරනු ඇති බවත්, එය ගොඩබිමට ළංවන විට තවත් ප්‍රබල වනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයන් විසින් පුරෝකථනය කර තිබේ.
සුළි සුළං හෝ සුළි කුණාටු වේගයෙන් තීව්ර වීම යනු පැය 24ක් තුළ උපරිම සුළං වේගය පැයට සැතපුම් 35 (කි.මී.55) කි.
ඒ අනුව අඟහරුවාදා දහවල් සිට බදාදා දහවල් දක්වා වොංෆොං එම නිර්වචනය පහසුවෙන් සපුරා තිබූ අතර, එහි සුළං වේගය පැයට සැතපුම් 60ක් (පැයට කි.මී.95කි) වී තිබුණේ ප්‍රධාන සුළි කුණාටුවකට සමාන වෙමිනි.
එහිදී සුළි කුණාටුව විසින් ඇති කරන උපරිම තිරසාර සුළං දැන් පැයට සැතපුම් 120 (පැයට සැතපුම් 195) දක්වා ඉහළ යන අතර කුණාටුව තවමත් ශක්තිමත් වෙමින් පවතින බවද කාලගුණ විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත් ලෝකයේ මෙම ප්‍රදේශය වේගයෙන් තීව්ර වීමට අමුත්තක් නොවේ. අතිශය උණුසුම් මුහුදු මතුපිට උෂ්ණත්වය හේතුවෙන් සෑම වසරකම බොහෝ කුණාටු වේගයෙන් තීව්ර වේ. නමුත් මෙය බටහිර පැසිෆික් සාගරයේ මෙම සමයේදී නම් කරන ලද පළමු වැනි කුණාටුවයි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා වන තෙක් නොතිබූ මෙම සුළි කුණාටුව, දැන් පිලිපීනයට සාෆීර්-සිම්සන් පරිමාණයෙන් 3 හෝ 4 කාණ්ඩයේ කුණාටුවකට සමාන වේ.
කෙසේ වෙතත් මෙතරම් ඉක්මණින් තීව්ර වූ සුළි කුණාටුව පිලිපීන වෙරළ කරා පැමිණෙන විට තද වැසි පමණක් ඇති නොකරනු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
පිලිපීනයේ මේ වනවිට කොවිඩ්-19 වසංගතයෙන්ද පීඩා විඳින අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,618කි. එමෙන්ම වෛරසය ආශ්රිත මරණ 772ක් එරටින් වාර්තා වෙයි.