ව්යාපාරික ස්ථාන රැසකින් සමන්විත කුරුණෑගල මහ වීදියෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා අද (23) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව රථවාහන ගමනාගමනය අවුරමින් මාර්ග බාධක යොදා එම වීදිය වසා තිබෙන අතර පාගමින් එම වීදිය හරහා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇත.
මහ වීදියට පිවිසීම අවහිර කළද කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වෙළඳසැල් හැර අනෙක් සියළුම වෙළඳසැල් විවෘතව තැබීමට බාධාවක් නැති බවද නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්රකාශ කළේය.
මේවනවිට මහ වීදියේ පවත්වාගෙන යන ව්යාපාරික ස්ථාන08කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.
ගීතාංජලී ප්රියදර්ශනී