එක්සත් ජනපදයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන බොබ් වුඩ්වර්ඩ් සමග සම්මුඛ සාකච්ඡාවලදී නිකුත් කරන ලද ශ්‍රව්‍ය පටිගත කිරීම්වලට අනුව වසංගතය ආරම්භයේදීම නව කොරෝනා වෛරසයේ මාරාන්තික තර්ජනය අවම කිරීමට උත්සාහ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබේ.
එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත 'Rage' නම් කෘතියෙහි සීඑන්එන් පෙරදසුනකට අනුව පසුගිය මාර්තු 19දා වුඩ්වර්ඩ් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් පැවසුවේ "මට සෑමවිටම අවශ්‍ය වූයේ එහි අවදානම අඩු කිරීමටයි" යනුවෙනි.
"මම තවමත් ඒ අවදානම අඩු කිරීමට කැමතියි, මොකද මට භීතියක් ඇති කිරීමට අවශ්‍ය නැති නිසා" ඔහු වුඩ්වර්ඩ් සමග කළ සංවාදයේදී පටිගත කළ හඬපටවල දැක්වෙයි.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 190,763ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,358,983කි.