කොරෝනා හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය අද (27දා) උදේ ආරම්භ විය.
පො.ව. 8.40 ට මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටතවූ බව බදුල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය .
භාණ්ඩ ප්රවාහන දුම්රියක් වන මෙහි මගී මැදිරි 3ක් තිබූ නමුත් බදුල්ලෙන් පිටත්වන වන මගීන් නොවීය.
පාලිත ආරියවංශ